ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් IDH පිරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් IDH පිරෙයි

ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් IDH පිරෙයි

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල) ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ නැග ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.

 

මේ අතර කොවිඩ් රෝගීන්ට අමතරව ඩෙංගු රෝගීන් තිස් දෙනකුද ඇතුළත් කරනු ලැබ සිටින බව හෙතෙම සඳහන් කළේය.

 

මෙයට පෙර රෝහලේ ප්‍රතිකාර ලැබූවේ කොවිඩ් රෝගීන් 50කටත් අඩු සංඛ්‍යාවක් බව පැවසූ අත්තනායක මහතා සියල්ල කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බවද ප්‍රකාශ කළේය.

 

රටපුරා කොවිඩ් සීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කෙරෙන හෙයින් රෝගීන් ඉදිරියේදී තවත් වැඩි වැඩිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

 

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

views

744 Views

Comments

arrow-up