එළැඹෙන නව වසර ගැන මහින්දානන්දගේ සුභ අනාවැකිය

2022 වසර මෙරට ජනතාවගේ ජීවිතය ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක ඇරඹුමක් වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
පොහොර ප්‍රශ්නය අල්ලාගනිමින් තමාට මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අපහාස උපහාස කළ නමුත් ඒවායින් පන්නරයක් ලබාගත්තා මිස මානසිකව කඩා වැටුනේ නැතැයිද කී අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඉදිරියටත් දිගටම පෙනී සිටින බවද පවසා සිටියේය.
අවුරුදු පහක් පුරාවට ගම්බද අහිංසක ජනතාවට පිං පඩියක්වත් සාදා දීමට නොහැකිවු අය අද ජනතාව ගැන කිඹුල් කඳුළු හලමින් ආණ්ඩු බලය ඇල්ලීමට සිහින දකින බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.
679 Views
Comments