මුහුදුගිය ධීවරයින් දෙදෙනා අතුරුදහන්

යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු පසුගිය 29 වනදා සිට අතුරුදහන් වී ඇත.
මෙලෙස අතුරුදන් වී තිබෙන්නේ ජෝෂප් ප්‍රේමකුමාර් සහ අරුන්කුමාර් තනිහේමාරන් යන යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයන් දෙදෙනෙකි.
බෝටුවකින් මුහුදු ගිය මෙම ධීවරයන් දෙදෙනා අතුරුදන් වීමෙන් අනතුරුව ඔවුන්ගේ පවුලේ ඥාතීන් පේදුරුතුඩුව පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය මේ බව නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව සහ ධීවරයන් එක්ව අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.
660 Views
Comments