MAY
16
යූරියා ආනයනයට කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් 40%ක් වශයෙන් පොහොර ප්‍රමාණය ආනයනය කෙරෙනු ඇත.
යල කන්නය සඳහා රජයේ පොහොර සමාගම් 2ක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගෙන කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
282 Views
Comments