ඉහළ ගිය ගෑස් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ඉහළ ගිය ගෑස් මිල

ඉහළ ගිය ගෑස් මිල

ලිට්‍රෝ සමාගමේ මිළ ගණන් ඉහළ දැමීමට සමගාමීව යමින් ලාෆ් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.

 

ඒ අනුව, පෙර රුපියල් 5,080ක් ව පැවති කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5280 ක් ලෙස ඉහළ යාමට නියමිතයි.

 

ඒ රුපියල් 200 ක වැඩි වීමක්. එසේම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 80 කින් මිල ඉහළ යමින් රුපියල් 2112ක් ලෙස ද, කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක් රුපියල් 32 කින් මිල ඉහළ යමින් රුපියල් 845 ක් ලෙස ද නව මිල සටහන් වන බවයි ලාෆ් සමාගම කියා සිටින්නේ.

views

230 Views

Comments

arrow-up