'ඒක බාර්' වගේද 'තුන් බාර්' - ඇස හරහා මොළයට යන හිතුවක්කාරයාගේ කොලම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

'ඒක බාර්' වගේද 'තුන් බාර්' - ඇස හරහා මොළයට යන හිතුවක්කාරයාගේ කොලම

'ඒක බාර්' වගේද 'තුන් බාර්' - ඇස හරහා මොළයට යන හිතුවක්කාරයාගේ කොලම

"මචං.. වරෙන්කො බං බඩුවක් පෙන්නන්න. ."

 

මා වෙත ළං වූ මිත්‍රයෙකු ඔහුගේ ජංගම දුරතකන තිරය මත වූ දර්ශනයක් මා හට පෙන්වීය. එහි අවුරුදු 17 ක 18 ක පමණ ලාබාල පෙනුමැති ඇටිකිත්තන් කෙල්ලක් headset එකක් කනේ ගසාගෙන like කරන්න.. කමෙන්ට් කරන්න... ශෙයා කරන්න... යනුවෙන් තොර තෝංචියක් නැතිව මොනව මොනවාදෝ කියවමින් පරිගණක ක්‍රීඩාගේ යෙදී සිටින දර්ශනයක් විය

 

පරිගණක ක්‍රීඩාගේ යෙදෙන අතරතුර සඳරු අයියා ඇතුලු තවත් අයියලා තරු ලබාගදන විට වාඩි වී සිටින අසුන සමග පසුපසට යන ඇය එකවරම නැගිටපසුබිමින් ඇසෙන ඒක බාර් නම් ජනප්‍රිය හින්දි ගීතගේ අනු වාදනයට අනුව ඉග සලමින් අමුතු නර්තනයක යෙදේ. යාන්තමට ඉගේ සිට වියතක් පමණ උස ඇගේ ගවුම උඩ යන විට අභ්‍යනතර කටයුතු අමාතයාංශය දකින සදරු අයියා අමාතයංශ කටයුතු වැඩිදුර අධ්‍යයනය සඳහා තව තවත් තරු දෙයි. තරු දෙන විට ඇය තව තවත් ඒක් බාර් නටයි. පසුගිය දිනක අතිගරු ජනාධිපතිතුමා විසින් රාත්‍රී කාලගේ දී සජීවීව ජනතාව අමතන බවට ජනාධිපති මාධ්‍ය අංශය මගින නිවේදනය නිකුත් කළ විට මුහුණු පොතේ සැරිසරන නොසන්ඩාල කොල්ලන් විසින් live ආවම තරු දුන්නොත් ඒක් බාර් නටනවා දැයි ඔලොක්කුවට මෙන් ජනාධිපතිතුමාලෙන් අසා තිබිණි.

 

හොඳටම කරන අගේ අතිගරු ජනාධිපතිතුමාට කෝ චොක් කරන ඒ නොසන්ඩාල කොල්ලන්ට සාප වේවා...!

 

කෙසේ නමුත් නිළියක් හෝ නිරූපිකාවක් නොවුනත් කොට ගවුමක් ඇඳගගන ඒක බාර් නැටු නංගිගේ වීඩියෝව නම් යූටියුබ් සමාජ ජාලා අවකාශය තුළ අතිශය ජනප්‍රිය විය. වීඩියෝවේ ජනප්‍රියතාවය නිසාම ඇය බොහෝ ආදායමක් ලබන්නට ඇති බව නම් සැකයක් නොමැත.

 

ඒ ඒක් බාර් ය.

 

ඒක් බාර් අනතර්ජාලයේ තිබුනත් තුන් බාර් නම් ඇත්තේ මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේය. මංසන්ධියක් අසල බාර් 3ක් එකිනෙකට ආසන්නයේ පිහිටා ඇති නිසා එම මංසන්ධිය ප්‍රදේශයේ ජනතාව හඳුනවන්නේ තුන් බාර් හංදිය ලෙසය.එම බාර් නම් ඒක් බාර් වගේ නොව අරක්කු බාර් ය.

 

තුන් බාර් හංදියේ බාර් පමණක් නොව සිරිලක්දිව දසත විසිරී ඇති බාර් පසුගියදා මත් බිගු සේනා විසින් ආක්‍රමණය කර තිබිනි.ඇදිරි නීතිය වගේ එකක් නමට වගේ දමා ඇති නිසා මාසයකට වැඩි කාලයක් එක දිගට වසා තිබූ බාර් එක වරම සුරාබදු කොමසාරිසේගේ නියෝගයෙන් විවෘත විය. දීර්ඝ කාලයක් මත්පැන් නොමැතිව සිටී මත් බිඟු සේනා රොන් රස ඉල්ලා බාර් ළඟ පෙම් හැඟුම් පෑවේ එබැවිනි. අරක්කු පෝලිම නම් වෙසක් දන්සැලකටත් වඩාදි ගය.සමහර බාර් අසල දෙපැත්තේ පෝලිම් දෙකකි.අරක්කු හා බියර් පෝලිම් වෙන වෙනමය.සමාජ දුරස්ථභාවය මීටරයේ දුර කොහෙත්ම නැත. සමහර බාර් අසල අරක්කු වෙනුවෙන් ද්වන්ධ සටන්ය.සියලු දුක් කරදර කම්කටොලු විඳ අවසානයේ උපාසක මහතකු මල් ව්ටියක් රැගෙන යන්නාක් මෙන් ගෞරවයෙන් බේබද්දන් බාර් එකෙන් එළියට අරක්කු බෝතල් රැගෙන යනු දක්නා ලදී.

 

දොස්තර මහත්වරුන් හා බුද්ධිමත් ජනතාව බාර් විවෘත කිරීමේ රජගේ තීරණය පතුරු ගසන විට සාමූහික කැබිනට් වගකීම දරන එක්තරා අමාතයවරයකු විත්තිවාචකයක් ලෙස ඉදිරිපත් කලේ  බාර් වසා දැමීම නිසා කසිප්පු  ඇතුළු නීති විරෝධී මත්පැන් භාවිතා කිරීමෙන් රෝගී තත්ත්වයට පත්වන ජනතාව ඉන් මුදාගැනීම සඳහා යළි බාර් විවෘත කළ බවයි. සතය වශගයන්ම එවැනි උදාර වාකයක් ප්‍රකාශ කළ හැක්කේ ඇට පිටින්ම ත්‍රෛලෝක විජය පානය කළ රෝගී උතුමෙකුට පමණි. කෙසේ නමුත් ඇඳිරි නීතියක්  පවතින විට බාර් විවෘත කළ ලොව එකම රට බවට නම් උතුම් සිරි ලක්දිව පත්විය. 'රට වහල බාර් අරින්න ගත් තීරණය නිසා යුද්ධෙ කලේ ෆොන්සේකා කියලා දැන්නම් සීයට දාහක් ෂුවර්' යැයි මුහුණු පොතේ අපූරු පෝස්ටුවක් දමා තිබිණි.

 

මෙවැනි ඔලමොට්ටල තීරණයක් covid අවදානමක් හා නිරෝධායන ඇඳිරි නීතියක් පවතින විට වගකිවයුතු රජයක් විසින් ගත්ගතේ කුමන හේතුවක් නිසාදැයි යන්න මේ වන විට සමාජය තුල විශාල කතාබහක් නිර්මාණය වෙමින් පවතී.

 

'ආණ්ඩුවට සල්ලි නෑ .අරක්කු වලින් තමා සල්ලි එන්නේ. බාර් වහලා කොහෙන්ද රජයට ආදායමක්' ජනප්‍රියම ගහේතු පාඨය මෙයයි. මෙම හේතු පාඨය මගින්ම රටේ ජනතාවගේ ආර්ථික විදයා දැනුම පිලිබද අවබෝධයක් ලබාගත හැක. බාර් වලින් අරක්කු බොන්නේ රටේ මිනිස්සු මිස සුද්දන් නොවේ. අරක්කු මිලදී ගැනීමට භාවිතා කරන්නේ ලංකාන්ඩුගේ මුදල් ඇමති හා මහ බැංකු අධිපති අත්සන් කළ මුදල් නෝට්ටුය. ඒවා කොහොමත් ආණ්ඩුවේ සල්ලිය.එම නිසා එය කෙසේසේවත් රජයේ සෘජු සහ වක්‍ර ආදායමක් ගනොවේ.අභ්‍යනතර මුදල් එහා මෙහා සංසරණය වීමකි.

 

නමුත් සැබෑ හේතුව පිළිබඳ පසුගිය දිනක පුවත්පතක පලවූ ප්‍රවෘත්තියකින් ගම්‍යමාන විය. ලංකාවේ බලපත්‍රලාභී අරක්කු තැබෑරුම් බොහොමයක හිමිකරුවන් වන්නේ ඇමතිවරු මනත්‍රීවරු සහ ඔවුන්ගේ හෙංචයියන්වේ. මන්ත්‍රීවරුන් එකසිය ගහනකට බාර් ලයිසන් ඇති බව එකී පුවත්පතින් හෙළි වී තිබූ අතර ඒවාගේ මාසික ආදායම ලක්ෂ 20 ට වැඩි බව සඳහන් විය. ගබොහෝ මනත්‍රීවරුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය අරක්කු රේන්දයයි. වත්මන කැබින් ඇමතිවරගයකු සතුව දුසිම් ගණනාවක් බාර් ඇත. ඔහුගේ බාර් වල මාසික ආදයම කෝටි ගණනකි. ඡන්ද කාලෙට නම් ඔහුගේ බාර් එකකින් ඡන්ද දායකයෙකුට නොමිලේම සීයක shot එකක් දමා ගත හැක. එසේනම් බාර් වැසීම නිසා නහුතෙටම කෙල වී ඇත්තේ දේශපාලනඥයන්ටය.එබැවින රජගේ මෙම තීරණය මගින් පෙනී යන්නේ මිනිසුනගේ සෞඛ්‍ය හා ජීවිත බල්ලාට දමා තමුන්ගේ අය ආරක්ෂා කර ගැනීමට ගත් තීරණයක් බවටයි.

 

බාර් විවෘත කර තමුනගේ අය බේබද්දන්  සතුටු කිරීමට ගත් ඔලමොට්ටටල තීරණය නිසා සමස්ත මහ ජනතාවට නුදුරු අනාගතගේ බරපතළ ව්‍යසනයන රැසකට මුහුණදීමට සිදුවනු ඇත. මෙවැනි තීරණ ගැනීමට පෙර විෂය දැනුම ඇති අය සමග සමඟ සාකච්ඡා කොට තීරණ සමාලෝචනය කිරීම ඉතා වැදගත්ය.

 

බාර් විවෘත කිරීමේ තීරණය හා සාපේක්ෂව ගත් විට නංගිගේ ඒක් බාර් නැටිල්ල සම්භාව්‍ය කලා කෘතියක් ලෙස සැලකිය හැක. ඒ අනුව අවසාන වශයෙන් කිව හැක්කේ බාර් වගේද ඒක් බාර්..

 

ලක්වාසිනි එන්න අපි තාලෙට කියමු.

 

ඒක් බාර්......!

 

(පසු සටහන- හින්දි භාෂාවෙන් ඒක් බාර් යනු එක් වතාවක් යන්නයි)

 

 

සටහන - යොහාන් ආරියවංශ

 

මෙම සටහන රචකයාගේ පෞද්ගලික දෘශ්ඨිකෝණයෙන් රචනා කර ඇති අතර ඒ පිළිබදව අප විසින් කිසිදු වගකීමක් නොදරයි.

 

views

13338 Views

Comments

arrow-up