රිය අනතුරට ලක් වූ තිදරු පියාව රෝහල්ගත කරන මුවාවෙන් ගෙනගොස් කැලෑවක දමා ගිහින් - පැය 6කට පසු තුවාලකරු සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

රිය අනතුරට ලක් වූ තිදරු පියාව රෝහල්ගත කරන මුවාවෙන් ගෙනගොස් කැලෑවක දමා ගිහින් - පැය 6කට පසු තුවාලකරු සොයාගැනේ

රිය අනතුරට ලක් වූ තිදරු පියාව රෝහල්ගත කරන මුවාවෙන් ගෙනගොස් කැලෑවක දමා ගිහින් - පැය 6කට පසු තුවාලකරු සොයාගැනේ

ආනමඩුව ප්‍රදේශයේ පෙරදා සිදුවුණු රිය අනතුරකින් තුවාල ලද පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ගෙනගොස් කැලයක දමා පලා යාමේ සිද්ධියක් පිළිබඳව ආණමඩුව පොලිසියෙන් වාර්තා වේ.

 

මෙම අනතුරෙන් තුවාල ලැබුවේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි තිදරු පියෙකි.

 

සිය කුඹුරේ වැඩ කටයුතු අවසන් වී පා ගමනින් නිවසට පැමිණෙමින් සිටි මෙම පුද්ගලයාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් අනතුරට පත් කර තිබෙනවා. පසුව එම ස්ථානයට ප්‍රදේශවාසීන් එක්රැස් වීමත් සමඟ තුවාලකරු රෝහල්ගත කරන බව පවසා ඔහු වෑන් රථයේ දමාගෙන  අනතුර සිදුකළ පුද්ගලයින් පැමිණ ඇත.

 

සිද්ධිය ආරංචි වීමත් සමග තුවාලකරුගේ ඥාතීන් පුත්තලම රෝහලට පැමිණ සොයා බැලීමේදී තුවාලකරුව රෝහලට භාර දී තිබුණේ නැත.

 

පසුව මේ පිළිබඳව පොලිසියට කළ දැන්වීමෙන් පසුව වහාම ක්‍රියාත්මක ව පොලිසිය වාහන අංක තහඩු  භාවිතා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව අනාවරණය වූයේ එම වෑන් රථය කුලී පදනම මත ගත් එකක් බවයි.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තුවාලකරු දමා ආ ස්ථානය සොයාගැනුනු අතර ඒ වන විටත් ඔහු පැය 6කට අධික කාලයක් එම ස්ථානයේ සිට තිබුණි.

 

ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වහාම හෝ කොළඹ ජාතික රෝහල වෙත  මාරු කර යවා තිබුණි.

 

අනතුර සිදු කළ වෑන් රථය රියැදුරු, හිමිකරු ඇතුළු  සැකකරුවන්  4 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

 

 

 

 

 

 

 

 

views

17058 Views

Comments

arrow-up