මාඔයේ ගසාගෙන ගිය රිය උපදේශකගේ සිරුර දින හතරකට පසු සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

මාඔයේ ගසාගෙන ගිය රිය උපදේශකගේ සිරුර දින හතරකට පසු සොයාගැනේ

මාඔයේ ගසාගෙන ගිය රිය උපදේශකගේ සිරුර දින හතරකට පසු සොයාගැනේ

සිය මවගේ දානමය පිංකමට සහභාගිවීමට යමින් සිටියදී පසුගිය 16 වැනිදා මාඔයේ මදුරුපිටිය සපත්තු පාලමේදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය රිය උපදේශකවරයාගේ දේහය දින හතරකට පසු ගිරිඋල්ල පාලම ආසන්නයේ උණ පදුරක රැඳී තිබියදී සොයාගත් බව මීරිගම පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් තිබෙන්නේ ලෝලු‍වාගොඩ ප්‍රදේශයේ රියදුරු පාසලක අධිපති වූ අඹේපුස්ස මොට්ටෑවවත්තේ පදිංචිව සිටි ඒ. අමරසිංහ නැමති 60 හැවිරිදි තිදරු පියකි. 

 

සොයා ගැනුනු මළසිරු බෙහෙවින් නරක්වී ඇති බවද එහි කොටස් සතුන් විසින් කා දමා ඇති බවද පොලිසිය පවසයි.

 

මොහු මෙම අනතුරටපත්ව තිබෙන්නේ සපත්තු පාලමේ අඩියක් පමණ ඉහළින් ජලකඳ තිබුණු අවස්ථාවේ පාලමෙන් යාමට උත්සාහගත් අවස්ථාවේදී බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

 

ජලයේ ගසාගෙන ගිය පුද්ගලයාගේ හා යතුරු පැදිය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සමත්ව තිබේ.

views

1009 Views

Comments

arrow-up