හෙරොයින් සමග ශ්‍රී ලාංකිකයෙකු ඉස්ලාමාබාද්හි දී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

හෙරොයින් සමග ශ්‍රී ලාංකිකයෙකු ඉස්ලාමාබාද්හි දී අත්අඩංගුවට

හෙරොයින්  සමග ශ්‍රී ලාංකිකයෙකු ඉස්ලාමාබාද්හි දී අත්අඩංගුවට

පාකිස්ථාන ආරක්ෂක හමුදාව විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමග ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම ශ්‍රී ලාංකිකයා කටාර් රාජ්‍යයට හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් රැගෙන යාමට ගුවන් යානයට ගොඩවීමට පෙර මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

සැක කටයුතු බෑගය බලධාරින් විසින් සොයාගෙන එය තවදුරටත් පරීක්ෂා කරන ලදී.

 

එහිදී එම බෑගයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 10.294ක් හමුවී තිබේ.

 

 

පසුව සැකකාර ශ්‍රී ලාංකිකයා බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

ඉදිරි නීතිමය කටයුතු සඳහා එරට මත්ද්‍රව්‍ය නාශක බලකායට (ANF) සැකකාර ශ්‍රී ලාංකිකයා භාර දී ඇත.

 

 

වාර්තා වන්නේ මෙම ජාවාරමට අදාළ අනෙක් පුද්ගලයන් පිළිබඳ අනන්‍යතාවක් තවම හෙළි වී නැති බවයි.

 

 

views

180 Views

Comments

arrow-up