නැගෙනහිර සහ මධ්‍යම අරාබි මුහුදේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්න

නැගෙනහිර සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
බිපොර්ජෝයි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් එම දැනුම්දීම සිදු කර තිබේ.
එම මුහුදු ප්‍රදේශවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එම මුහුදු ප්‍රදේශවල මේ වන විට ධීවර කටයුතුවල නිරතවන පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසයි.
මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ක පමණ තද වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 45 ක් දක්වා ඉහළ යා හැකිය.
275 Views
Comments