ගෑස් මිල තීරණය කිරීමට ලාෆ් විධායක මණ්ඩලය රැස්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ගෑස් මිල තීරණය කිරීමට ලාෆ් විධායක මණ්ඩලය රැස්වේ

ගෑස් මිල තීරණය කිරීමට ලාෆ් විධායක මණ්ඩලය රැස්වේ

ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වී සාකච්ඡා කරන බව ලාෆ් සමාගම ප්‍රකාශ කර සිටී.

 

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 452කින් අඩු වන අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,186ක් ලෙසයි.

 

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281කි.

 

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 598කි.

views

251 Views

Comments

arrow-up