විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම් දීමක්

ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
ආපදාවක් සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නම් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
"පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාර්තා වුණ අතර සියලුම සිසුන් කිසිදු ගැටලුවකින් තොරව විභාගයට මුහුණදීලා තියෙනවා. ඉදිරි කාලය තුළදීත් කාලගුණ තත්ත්වය ගැන විශේෂයෙන් අවධානය යොමුකරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනවා. යම් ප්‍රදේශයකට වැසි තත්ත්වයක් තියෙනවා නම් එයට කල්තියා සුදානම් වෙන්න." යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව මේ දක්වා පවත්වාගෙන යාමට හැකියාව ලැබුණු බවද එතුමා සඳහන් කළේය.
"2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට දින 5ක් අවසන් වෙලා තියෙනවා. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා තවත් දින 4ක දී පැවැත්වෙනවා. විභාගය ඉතාම සාර්ථකව පැවැත්වෙනවා. යම් ආපදා තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතා ඒ සඳහා පහසුකම් ලබාගන්න" ලෙස එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
231 Views
Comments