APR
16
රිලවුන් බේරාගන්න පාහියන්ගල හිමි ඇතුළු පිරිසක් පෙරට

මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීම පසුපස තවම හෙළි නොවූ මිලියන ගණනක කූට ජාවාරමක් සැඟවී තිබෙන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කියා සිටිති.
මෙවන් තීන්දුවක් ගැනීමට පෙර එම ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කොට යම් වාර්තාවක් ලබාගෙන ඇතිදැයි ප්‍රශ්න කොට සිටින උන්වහන්සේ, මෙසේ රිලවුන් රැගෙන යන්නේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ සඳහා විය හැකි බවටද සැක පල කොට සිටී.
මෙම තීන්දුව ආපසු හැරවීම සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
435 Views
Comments