මහ දවල් හෙල්මට් දාගෙන ඇවිත් හතර අතේ වෙඩි තබා ලක්‍ෂ තිස්පහක රන් ආභරණ කොල්ල කෑ ඩබල සොයා පරික්‍ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

මහ දවල් හෙල්මට් දාගෙන ඇවිත් හතර අතේ වෙඩි තබා ලක්‍ෂ තිස්පහක රන් ආභරණ කොල්ල කෑ ඩබල සොයා පරික්‍ෂණ

මහ දවල් හෙල්මට් දාගෙන ඇවිත් හතර අතේ වෙඩි තබා ලක්‍ෂ තිස්පහක රන් ආභරණ කොල්ල කෑ ඩබල සොයා පරික්‍ෂණ

බොරැල්ල මරදාන මාර්ගයේ පිහිටි රන් භාණ්ඩ වෙළෙඳසැලකට පෙරේදා(11) සවස කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් වෙළෙඳසැලට වෙඩිතබා එහි හිමිකරු ඇතුළු සේවකයින් බියගන්වා රුපියල් තිස්පන් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ කොල්ලකා පලාගොස් තිබේ.

 

මොවුන් රන් ආභරණ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලට ඇතුළු වී ඇති අතර පිස්තෝල එල්ල කර එහි හිමිකරු සහ සේවකයින් භීතියට පත්කර ඇත.

 

අනතුරුව රන් ආභරණ අලෙවිසලේ රාක්කවල අසුරා තිබූ රන් ආභරණ ගමන් බෑගයකට දමාගෙන ඇති කොල්ලකරුවන් එහි වහලයට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර පලාගොස් තිබේ.

 

කොල්ලකරුවන්ගේ මුහුණු ආවරණය වන පරිදි හිස්වැසුම් සහ මුව ආවරණ පැළඳ සිට ඇති බව පොලිසිය කියයි.

 

කොල්ලකරුවන් දෙදෙනා රන් ආභරණ කොල්ලකා යතුරුපැදියක නැගී පලායන අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති අතර ඒ ඔස්සේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය සහ බොරැල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

views

765 Views

Comments

arrow-up