සජබ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

සජබ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

සජබ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හිරිහැර සිදුවන බවට චෝදනා නගමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද(06) දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

 

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ජල පොකුණ අසල අද(06) පෙරවරුවේ උද්ඝෝෂණයක්ද පැවැත්වුහ.

 

මේ අතර විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදීමටද තීරණය කර තිබේ.

views

704 Views

Comments

arrow-up