විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් මිලදීගැනීමට සිටින අයට සුබ ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් මිලදීගැනීමට සිටින අයට සුබ ආරංචියක්

විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් මිලදීගැනීමට සිටින අයට සුබ ආරංචියක්

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම අලු‍ත් කාර්‍යයකට අත තැබීමට සූදානම් වී සිටී.

 

ඔවුන් අ(29) නිවේදනය කර සිටියේ එළැඹෙන වසර 05 තුළදී විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

 

විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කිරීම සඳහා විවිධ රටවල් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අදහස් පළ කරමින් සිටින පසුබිමක ”‍විදුලි සහ හබිඩ්”‍ වාහන සඳහා වැඩි ඉල්ලු‍මක් ඉදිරියේදී ඇතිවෙතැයි එම සමාගම සඳහන් කරයි.

 

නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන අතර 2030 වනවිට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වාදීම එම සමාගමේ සැලැස්ම වී තිබේ.

 

 

2020දී ලොව විදුලි මෝටර් රථ ලියාපදිංචිය 41% කින් වර්ධනය වී තිබීමද විශේෂත්වයකි.

views

752 Views

Comments

arrow-up