රෝහල් කිහිපයක බිඳවැටුණු ඔක්සිජන් සැපයුම යථා තත්ත්වයට

මුදල් ගෙවීම් ප්‍රමාදවීමක් හේතුකොටගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුම් බිඳ වැටුම යළි යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔක්සිජන් සැපයුම සිදුකරන අදාළ සමාගම සමඟ ගැටළුව පිළිබඳ සාකච්ඡා කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.
පසුගිය 29 වනදා උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහල හා මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් සැපයීම සිලෝන් ඔක්සිජන් සමාගම විසින් නවතා දැමුණි.
ඒ, සැපයූ ඔක්සිජන්වලට මුදල් ගෙවීම ප්‍රමාද විම හේතුකොටගෙනයි.
746 Views
Comments