JUL
05
ජපානයේ රැකියා වලදී ලාංකිකයින්ට වැඩි ඉඩක්

ශ්‍රී ලාංකිකයන්ට ජපානය තුළ වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
එරට තාක්ෂණික පුහුණුලාභීන් බඳවා ගන්නා ආයතනයක සභාපතිවරයා ඇතුලු විශේෂ නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුන් ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණියා.
එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රැකියා අවස්ථා වැඩි කරගැනීම සඳහා කළ ඉල්ලීමට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.
443 Views
Comments