හමුදා පෙම්වතිය සිය පෙම්වතා පැහැරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

හමුදා පෙම්වතිය සිය පෙම්වතා පැහැරගනී

හමුදා පෙම්වතිය සිය පෙම්වතා පැහැරගනී

පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමක් සම්බන්දයෙන් ආරක්ෂක අංශයකට සම්බන්ද තරුණියක් ඇතුළු පිරිසක් සොයා පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.

 

පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.

 

පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැර ගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති අතර තරුණිය විවාහ කර ගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව තිබේ.

 

පිංවත්ත ප්‍රදේශයේදී තවත් කිහිපදෙනකු සමග ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණිය, තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදා හැර ඇති අතර පැහැර ගැනීම සිදුකළ තරුණිය සහ ඇය සමග පැමිණි පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

views

375 Views

Comments

arrow-up