සතොස වහයිද? නැද්ද?

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) ඈවර කරන්නේද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණය එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත. ඊට අදාළ සාකච්ඡාවන් මේ දිනවලදී මුදල් අමාත්‍යාංශය සමග සිදු කරනු ලබයි.
ඒ අනුව යම් හෙයකින් ස.තො.ස. ආයතනය ඈවර කිරීමට තීරණය කළහොත් එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පවරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පැවසුවේය.
මෙවැනි තීරණයකට එළඹීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ස.තො.ස. ආයතනය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීමයි.
ඒ අනුව යම් හෙයකින් සතොස ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වසර 20ක පමණ කාලයක සිට මෙම ආයතනය රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන අතර ඉන් වැඩි වශයෙන් පාඩු ලබන්නේ සතොස ආයතනයේ ප්‍රවාහන අංශය සහ ගොඩනැගිලි සඳහා බව හඳුනාගෙන තිබේ. එම නිසා තවදුරටත් මෙය පවත්වාගෙන යාම හරහා රජයට පාඩුවක් මිස කිසිදු ලාභයක් නොමැති බවද හෙතෙම කීවේය.
කෙසේ වෙතත් මෙලෙස ස.තො.ස. ආයතනය ඈවර කිරීමට 2005 වසරේදීද සූදානම් වුවද ඊට සතොස ආයතනයේ සේවකයන් අකැමැති වූ බැවින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.
293 Views
Comments