කතරගම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇත
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

කතරගම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇත

කතරගම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇත

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවැනි දිනටත් අද (21) වීදි සංචාරය කරන බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. පෙරහැර පෙරේදා (19) ආරම්භ වූ බව බස්නායක නිළමේවරයා පැවැසීය. එය ජූලි මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

 

මේ අතර කතරගම පෙරහැරට සමගාමීව විදේශීය වන්දනාකරුවන් රැසක් කතරගම, කිරින්ද, තංගල්ල ප්‍රදේශවලට පැමිණෙන බව පොලිසිය පවසයි. විදේශිකයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය නිවේදනය කළ අතර කිමිදුම් කටයුතු සිදුකරන මුහුදු තීරයේ සහ දියනෑම් සිදුකරන ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා තිබේ.

 

 

වැඩි වශයෙන් භාවිත කරන වැව් හා ජලාශ අවට විශේෂිත බෝට්ටු සේවාවක් යොදා ගැනීමෙන් ජලාශ ආශ්‍රිත මුර සංචාර රාජකාරී ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

 

 

පූජා නගරයට පැමිණෙන වන්දනාකරුවන්ගේ සහ ඔවුන්ගේ වාහන සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරි සඳහා යොදවා ඇත.

views

304 Views

Comments

arrow-up