බඩඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

බඩඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීමට සැරසේ

බඩඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීමට සැරසේ

මෙරට හෙක්ටෙයාර 16,000ක බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කළ බව කෘෂිකාර්මික අමාත්‍යාංශය පවසයි.

 

එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

 

ඒ අනුව ලබන මහ කන්නයේ දී අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

 

මෙහි දී උසස් තත්වයේ දෙමුහුන් බීජ, රසායනික පෙහොර මෙන්ම බිම් සැකසීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නැවත අයකර නොගැනීමේ පදනම යටතේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

views

255 Views

Comments

arrow-up