අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කනදී වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කනදී වෙඩි

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කනදී වෙඩි

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කන හිරිවඩුන්න මාර්ග බාධකයේදී පොලිසිය විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

 

අද අලුයම රඹුක්කන හිරිවඩුන්න මාර්ග බාධකය හරහා ගමන් කළ යතුරු පැදියකට නවත්වන ලෙසට සංඥා කර ඇති බවත් එහි ගමන් ගත් දෙදෙනෙකු අණ නොතකා ධාවන කිරීමත් සමග පොලිස් නිලධාරීන් ඊට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. 

 

එම මාර්ග බාධකය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබූ බවත් ඒ මහත පැවසීය.

 

වෙඩි තැබීමෙන් අනතුරු ද සැකකරුවන් අඛණ්ඩව යතුරු පැදිය ධාවනය කර ඇති අතර පසුව පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

එහිදි යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව එය පෙරළී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. 

 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හා යතුරු පැදිය පෙරළීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

 

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියේ සිටි සැකකරු සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

 

පසුව එම මාර්ග බාධකය හරහා ගමන් ගැනීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද අත්අඩංගුවට ගෙන තිබේ.  

views

265 Views

Comments

arrow-up