ඊයෙත් කොරියාව බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානය ප්‍රමාදයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානය ඊයේ (20) පැය 12ක කාලයක් ප්‍රමාද විය. මේ හේතුවෙන් ඊයේ දිනයේ අදාළ ගුවන් යානයෙන් කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රමිකයින් පිරිස කොරියාවට යැවීමට නොහැකි විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ශ්‍රී ලංකන් ගුවන්යානා දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම දැඩි ගැටලුවක් වී ඇති බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කොරියානු රැකියා සඳහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම පිරිස දකුණු කොරියාවට යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබිණි.
නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් ඔවුන් කොරියාවට නොඑවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ඊයේ (20) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දුන්නා.
පසුගිය මැයි 23 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ බවත්, එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් ජුනි 04 වැනි දින එම ශ්‍රමිකයන් කොරියාවට පිටත් කර යැවූ නමුත් එදිනද පැය දෙකක කාලයක් ගුවන් ගමන ප්‍රමාද විය.
261 Views
Comments