රාජාංගණේ හිමිගේ ගිණුමේ කෝටි 8ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

රාජාංගණේ හිමිගේ ගිණුමේ කෝටි 8ක්

රාජාංගණේ හිමිගේ ගිණුමේ කෝටි 8ක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධ විමර්ශනයකදී ගෝතමාලාවේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ලංකාවට එවා ඇති බව අනාවරණය විය.

 

 

මෙම මුදල් එවීම පිටුපස ගෝතමාලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටීද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

එංගලන්තයේ සිට පින්සිරි නැමැත්තෙකු විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි අටක මුදලක් එවා ඇති බව මූලික විමර්ශනවලදී කියැවිණි. මෙම මුදල් ගනුදෙනුව පිටුපස රූපවාහිනි නළුවෙකු සිටින බවද අනාවරණය වී තිබේ.

 

 

එම තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් රාජාංගණයට ගොස් විහාරස්ථානය සංවර්ධනයක් සිදුකර ඇත්දැයි සොයා බලා ඇත. එහිදී රුපියල් ලක්ෂ පනහක මුදලක්වත් විහාරස්ථානයේ සංවර්ධනයට යොදවා නොමැති බව හෙළි වී ඇත.

 

 

මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ගම්වාසීන්ට බෙදා දී ඇතැයි හෙළි වී තිබේ.

 

 

සද්ධාරතන හිමියන් සහ ප්‍රසිද්ධ ටෙලි නළුවා සමඟ එක්ව මෙම මුදල් ගණුදෙණු සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ගෝතමාලාවේ සිට එම මුදල් එව්වේ කවුරුන්ද යන්න සෙවීමට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

views

318 Views

Comments

arrow-up