චීනෙන් ලැබුණ අලුත් තණ

ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල "ඇල්ෆැල්ෆා" නම් විශේෂිත තණකොළ වර්ගයක් වගා කිරීම පිළිබඳව චීන සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇත.
“ඇල්ෆැල්ෆා’’ නමින් හඳුන්වනු ලබන මෙම තෘණ විශේෂය වගා කිරීමෙන් පසුව චීනයට අපනයනය කිරීමට නියමිතය. එම සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කළේ තෘණ බීජ විශේෂය ආක්‍රමණශීලීද යන්න සහ එම බීජ රටේ පරිසර පද්ධතියට ගැළපේද යන්න පරීක්ෂා කිරීම සඳහා ජාතික ශාක නිරෝධායන සේවාව වෙත යොමුකර පරීක්ෂා කළ යුතු බවය.
මීට අමතරව, තෘණ විශේෂ යොදා ගනිමින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කෙසේ වෙතත්, මෙම වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.
තෘණ ව්‍යාපෘතියට අමතරව චීනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ ඉඩම්වල මිරිස් සහ මඤ්ඤොක්කා වැනි අනෙකුත් භෝග වගා කිරීම පිළිබඳව ද චීන සමාගම් නියෝජිතයින් සාකච්ඡා කර ඇත.
263 Views
Comments