කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරටත්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරටත්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බවයි.

 

 

මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

 

කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබේ.

 

 

බොරැල්ල කෝටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක් ව තිබුණි.

 

 

මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

views

219 Views

Comments

arrow-up