ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින්ගේ අමුතු ඉල්ලීම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින්ගේ අමුතු ඉල්ලීම

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින්ගේ අමුතු ඉල්ලීම

ඒකක තිහට අඩුවෙන් විදුලිය භාවිත කරන පාරිභෝගිකයන්ට නොමිලයේ විදුලිය ලබාදීමට හෝ එම කාණ්ඩයට අයත් පාරිභෝගිකයන්ගේ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙස ජනතාව මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටී.

 

 

ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීමේදීය.

 

 

ලබන ජූලි පළමුවැනිදා සිට මෙම වසරේ සිදුකිරීමට නියමිත දෙවැනි විදුලි ගාස්තු සංශෝධනයද සිදුකිරීමට නියමිත බැවින් ඊට ප්‍රථම ජනතාවගේ අදහස් විමසා බැලීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම මහජන සැසිය පැවැත්වීය.

 

 

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයෙන් සහ විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෝ රැසක් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

 

විදුලි බිල අඩු විය යුත්තේ 3%කින් වැනි කුඩා ප්‍රමාණයකින් නොවන බවත් ජනතාවට දැනෙන ලෙස විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවත් පැමිණ සිටි සියලුම දෙනා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.

 

 

සියලුම දෙනාගේ අදහස් අවධානයට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට කටයුතු කරන බව මෙහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසීය. මෙම මහජන අදහස් විමසීමට කොමිසමේ සාමාජිකයන්ද එක්ව සිටියහ.

views

392 Views

Comments

arrow-up