ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 333 ක් ලෙස සඳහන් වේ.
ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 375 ක් වේ.
සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් පහත හෙලා ඇති අතර ඒ අනුව ඒවායේ නව මිල ගණන් පිළිවෙලින් රුපියල් 325 ක් සහ 465 ක් වේ.
භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවී නැත.
මේ පිළිබඳව නිකුත් කෙරුණු නිල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
346 Views
Comments