ඒරියාගම රිය අනතුරකින් පුද්ගලයෙක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ඒරියාගම රිය අනතුරකින් පුද්ගලයෙක් මරු දකී

ඒරියාගම රිය අනතුරකින් පුද්ගලයෙක් මරු දකී

තඹුත්තේගම පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඒරියාගම් ප්‍රදේශයේ දී, අනුරාධපුර සිට කලුතර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිටුපස භාණ්ඩ පටවන ලද කොටසට පුද්ගලයින් දෙදෙනෙකු විසින් භාණ්ඩ පටවමින් සිටියදී අනුරාධපුරයේ සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ කැබ් රථයක් බසය හා භාණ්ඩ පටවමින් සිටි පුද්ගලයන්ගේ ගැටී වයස අවුරුදු තිහක් වූ ඒරියාගම, මල්වානේගම පදිංචි පුද්ගලයකු මියගොස් ඇත.

 

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම රෝහල් ගත කිරීමේ දී මෙසේ එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරය තඹුත්තේගම ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

අනතුරින් පසුව කැබ් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර පසුව ඔහු පොලීසියට පැමිණ බාරවී ඇති බවද වාර්තා වේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

views

217 Views

Comments

arrow-up