කෑගල්ලට ගංවතුර තත්වයක් - පාසලුත් වැසෙයි

දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇළ දොල ගංගා පිටාට ගැලීම නිසා පහත් බිම් මංමාවත් නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.
ජල ගැලීම් නිසා දෙහිඕව්ට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 12ක් වසා දමා ඇත.
දෙහිඕව්ට විදුහල, මුදුගමුව, රුවන්වැල්ල රාජකීය, නාපාවල, දයිගල, නිකදළුපොත යන පාසල් එසේ වසා දමා ඇත.
ගුරුගොඩ ඔය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් තල්දුව, අගුරුවැල්ල, මුදුගමුව, කන්නත්තොට, මත්තමගොඩ, කොටියාකුඹුර යන ප්‍රදේශවල ජනතාව අවතැන්ව සිටිති.
එමෙන්ම කෑගල්ල -අව්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු මුළුමනින්ම ඇන හිට ඇත.
279 Views
Comments