පරාක්‍රම සමුද්‍රයේ රලපනාව ගලවා ඇවිදින මංතීරුවක් සෑදීමේ උත්සාහයක් - ජනතාවගේ විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

පරාක්‍රම සමුද්‍රයේ රලපනාව ගලවා ඇවිදින මංතීරුවක් සෑදීමේ උත්සාහයක් - ජනතාවගේ විරෝධය

පරාක්‍රම සමුද්‍රයේ රලපනාව ගලවා ඇවිදින මංතීරුවක් සෑදීමේ උත්සාහයක් - ජනතාවගේ විරෝධය

පොළොන්නරැව පරාක්‍රම සමුද්‍රයේ රලපනාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ගල් ඉවත් කර එම ස්ථානයේ නව ශරීර සුවතා ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

 

එම ප්‍රදේශයේ ගොවි සංවිධාන චෝදනා කරන්නේ මේ වන විටත් පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරු දෙකක් තිබියදී මෙලෙස අලුතෙන් තවත් මංතීරුවක් නිර්මාණය කිරීමට යන බවයි.

 

මෙම ඉදිකිරීම පිළිබඳව පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රධාන වාරි ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසුවේ මේ හරහා පරාක්‍රම සමුද්‍රයට හෝ එය ආශ්‍රිත පරිසරයට කිසිදු හානියක් සිදු නොවන බවයි.

 

මෙම මංතීරුව රුපියල් මිලියන 35ක වියදමකින් ඉදිකර නතර එහි සම්පූර්ණ දුර 1.7Km කි.

views

1265 Views

Comments

arrow-up