ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට භාරවෙයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී තමා ජෝර්ජියා ප්‍රාන්ත අධිකරණයට භාරවන බවයි.
2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ කළ බවට චෝදනා එල්ල වනවා.
එම චෝදනා පසුගිය සතියේ දී අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති අතර ඊට අදාළ නඩුව විභාගයට ගැනුනා.
මෙම නඩුව ගොනුකර ඇත්තේ චෝදනා 13ක් යටතේ වේ.
විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරන්නේ කෙසේ වුවද අධිකරණය භාරවීමෙන් පසු හටපු ජනාධිපතිවරයාට ඇමෙරිකා ඩොලර් ලක්ෂ දෙකක ඇප මුදලක් යටතේ ඇප හිමිවනු ඇති බවටයි.
ඔවුන් අනාවැකි පළ කරන්නේ එමෙන්ම සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම හෝ මැදිහත් වීම සිදු නොකරන ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයෙන් අවවාද කරනු ඇති බවයි.
229 Views
Comments