වත්ත පිරිසිදු කරද්දී මතුවූ බෝම්බ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

වත්ත පිරිසිදු කරද්දී මතුවූ බෝම්බ

වත්ත පිරිසිදු කරද්දී මතුවූ බෝම්බ

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කෙට්පේලි ප්‍රදේශයේ වැසියෙකු සිය ඉඩම එලිපෙහෙලි කරමින් සිටයදී පොළවේ වලදමා තිබූ අත්බෝම්බ 6 ක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.

 

අදාල වැසියා විසින් ගෙවත්තේ කෘෂිකාර්මික කටයුත්තක් වෙනුවෙන් පොළව සකසමින් සිටයදී පොළව යට තිබූ අත්බෝම්බ කිහිපයක් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට දැනුම් දෙනලදි.

 

අනතුරුව පොලීස් නිලධාරීණ් විසින් එම ස්ථානයට පැමිණ සිදුකරන ලද සෝදිසි වලදී විදෙස් රටක නිශ්පාදිත අත්බෝම්බ 06 හමුවීමෙන් පසුව එම අත්බෝම්බ පොලීසියට රැගෙන යාමට පියවර ගනු ලැබීය.

 

සොයාගත් අත්බෝම්බ යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් වල දමන්නට ඇතැයි සැක පලකරන අතරම එම අත්බෝම්බ අධිකරණ නියොග්යකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

views

252 Views

Comments

arrow-up