දරුවන්ගේ මන්දපෝෂණය ගැන පාර්ලිමේන්තුවේදී දින දෙකක විවාදයක්

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට(06) සහ අනිද්දා (07) පැවැත්වේ.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසිනි.
මේ අතර පාර්ලිමේන්තුව හෙට(06) සිට ලබන 09 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හෙට (6) පෙරවරු 10.30 සිට පෙරවරු 10.45 දක්වා විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව ඇත.
276 Views
Comments