“එයාට තිබ්බෙ අසාමාන්‍ය ආසාවල්, එකක් තමයි?.... ” - අනියම් පෙමක පැටලුණු සඳමාලි, දෙනෝදාහක් බලා සිටයදී අවසන් ගමන් ගිය හැටි

දිගින් දිගටම පවතින පවුල් ආරවුල් දුරදිග යාමෙන් පවුලේ සැමියා බිරිය දරුවන් දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ කීපදෙනෙකුගේ ජීවිත පවා අහිමිව පවුල් සීසීකඩව විසිර ගොස් දරුවන්ට යනඑනමං නැති වන අවස්ථා වත්මන් සමාජයේ ඕනෑ තරම් අහන්නට දකින්නට ඇත.
අඹුසැමි ගැටුම්වලට මූලික හේතුන් රැසකි.
සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, බිරිය හෝ සැමියාගේ අනියම් සබඳතා තවත් හේතුවකි.
එසේත් නැතිනම් දරාගත නොහැකි ආර්ථික දුෂ්කරතාද අඹුසැමියන් අතර පවතින අර්බුදවලට වැඩිහිටියන් මැදිහත් වීමෙන් ගැටුම් දෙගුණ තෙගුණ වීම සුවිශේෂිම හේතුවකි.
මේ කොයි ආකාරයේ අර්බුදයකින් හෝ වේවා අවසානයේ සිදුවන්නේ දූ දරුවන් අසරණ වී සමාජයෙන් හුදකලා වීමයි.
මෙය සැබවින්ම මෙරට මධ්‍යම පන්තික සහ පහළ මධ්‍යම පන්තික පවුල් සංස්ථාවේ සුලබ සමාජ සංදර්භයක එක් පැතිකඩකි. එදාමෙදා තුර නොවිසඳුන නොවිසfඳන අර්බුදයකි.
මෙවැනි කථා පුවතක් අනුරාධපුර දිසාවේ මැදවච්චිය ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.
බිරිය දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමට අනුව දියණිය පාසලින් ඉවත්කර දෙන බව පවසමින් දියණිය ලවා කතාකර පාසල ඉදිරිපිටට තම බිරිය ගෙන්වාගත් සැමියකු ඇගේ ගෙල කපා මරා දමා ඔහුද වස පානය කර දිවි නසා ගැනීමට ගත් උත්සාහයක් ගැන මෙලෙස තොරතුරු වාර්තා වූයේ මැදවච්චිය පොලිස් ස්ථානයෙනි.
මෙසේ බිරියට පිහියෙන් ඇන මරා දමා වස පානය කර ඇත්තේ කැබිතිගොල්ලෑව කලාපයට අයත් සිවිල් ආරක්ෂක භටයෙකු වන මහදිවුල්වැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 42 හැවිරිදි ප්‍රද්ගලයෙකි.
ඔහුගේ පිහි පහරින් ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය මහදිවුල්වැව පන්සල පාරේ පදිංචි 35 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ සෞම්‍යා සඳමාලි දිසානායක නමැති දෙදරු මවකි.
ඇය සිවිල් ආරක්ෂක භටයාගේ ආදරණීය බිරියයි. මේ කතාව පෙළ ගැස්වෙන්නේ මෙසේය.
සඳමාලි සිවිල් ආරක්ෂක සෙබළා සමඟ විවාහ වුයේ මංගල යෝජනාවකිනි. සිවිල් ආරක්ෂක භටයෙකු වු නිසා සැමියාට දිනපතා නිවසට පැමිණීමටද නොහැකි විය. දෙදෙනාගේ අදහස්වල යම් පරස්පරතාද විය. මේ දෙපළගේ දියණියට වඩා පුතා වසර 8ක් බාල වූයේද දෙදෙනා අතර සමීප සබඳතා නොමැති වීම සහ දෙදෙනා අතර වරින්වර ඇති වු ගැටුම් නිසාය.
තම සැමියා නිතර නිවසට නොපැමීණීම සහ නොසලකා හැරීම නිසා සඳමාලි සිටියේ සිත්තැවුලෙනි.
බස්රියේදී හමුවු තරුණයෙකු සමග ඇය පෙමින් බැfඳන්නේ මේ අතරය.
මේ පෙම්පලහිලව්ව කනින් කොනින් සිවිල් ආරක්ෂක සෙබළ සැමියාගේ ද කනට වැටුණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අඹු සැමියන් අතර බරපතළ ගැටුම් ඇතිවන්නේ ඉන් පසුවයි. මේ හබය දුරදිග යාමෙන් පසු සැමියා පසුගිය වසරේදීද බිරිය සඳමාලිට තියුණු ආයුධයකින් ඇන තුවාල කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණයේ මේ වන විට අපරාධ නඩුවක්ද විභාග වේ. මේ නිසා මේ අඹු සැමියන් සිටියේ එකිනෙකාගෙන් වෙන්වය.
සිවිල් ආරක්ෂක සෙබළ සැමියා පවසන්නේ තම බිරියගේ වයස අවුරුදු 35ක් වු බවත් ඇයට ‘අසාමාන්‍ය සිහින‘ තිබු බවයි.
අලුත් බයිසිකලයකින් වරලස කඩා දමමින් වේගයෙන් ගමන් කිරීමට ඇය ආශා කළාය.
“එහෙනම් අපි කාරෙකක් රෙන්ට් එකට අරගෙන යමු“ යැයි සැමියා බිරියට එසේ යෝජනා කරන්නේය
තමාට එසේ පවසා දින දෙකකට පසු ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ කාරයකින් ගමන් කර ඇති බවත් තවත් දිනක වෙනත් පිරිමියෙකු සමඟද සංචාරයක් ගොස් ඇතැයිද සැමියා පොලිසියට කියා ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා මෙසේ පැවසීය.
”මේ අඹුසැමියන් අතර කලක පටන් ආරවුල් ඇති වුණා. ඒ නිසා බිරිය ජීවත් වුණේ ඇගේ නංගිගේ ගෙදර දරුවෝ සමඟින්. එක් දරුවෙක් පූනෑව ඉස්කෝලෙට දාන්නට කලින් ඒ දරුවා සිටි පාසලින් අස්වීම ගන්න ගිහින් තියෙන්නේ.
බිරිය කීප වරක්ම දරුවාගේ අස්වීම අරන් දෙන්න යැයි සැමියාට කියු නිසයි අදාළ දින සැකකරු උදේ 7 සිට දියණියට කීප වරක්ම ඇමතුම් ලබාදී තමයි ඇය පාසලට අසලට ගෙන්වාගෙන තියෙන්නේ.
මිරිස්කුඩු සහ උල් පිහි 3ක් ගෙනත් පාසලට මීටර් 300 තියෙද්දි බිරියගේ මූණට මිරිස්කුඩු ගහලා බෙල්ල කපා පිහියෙන් ඇනලා. බිරිය තනියම ඇවිත් තියෙන්නේ. ඉන්පසු සැමියත් වස වර්ගයක් පානය කරලා තියෙනවා. මැදවච්චිය රෝහලේ ප්‍රතිකාරවලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.”
බිරියට සැකකරු පිහියෙන් ඇන පලා යන අවස්ථාවේ සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින්ටද පිහියෙන් ඇනීමට තැත්කර ඇත.
අවසානයේ සිදුවුයේ අසරණ දරු දෙදෙනෙකුට මව්පියන්ගේ රැකවරණය අහිමි වීම පමණි.
458 Views
Comments