අම්පාරේ ගබඩාවක දිරාපත්වන “පොලොන්නරුවේ වී”
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

අම්පාරේ ගබඩාවක දිරාපත්වන “පොලොන්නරුවේ වී”

අම්පාරේ ගබඩාවක දිරාපත්වන “පොලොන්නරුවේ වී”

2015 යළ කන්නයේ මිලදී ගත් වී කිලෝ 65,000ක අධික තොගයක් අම්පාර වී ගබඩාවක දිරාපත්වන බව මහවැලි බී කලාප ගොවි සංවිධානය කියයි.

 

2015 වසරේ ආරම්භ කර ඇති මෙම ගබඩාව විවෘත කරමින් මහවැලි බී කලාපයට අයත් අරලගංවිල,විජයපුර සහ පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවලින් මිලදි ගත් වී තොග මේ වන විට එම ගබඩාවේ විනාශ වෙමින් පවතින බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ පවසයි.

 

ඇතැම් වී තොග දිරාපත්ව ඇති අතර වහළ කැඩී යාම නිසා ජලය මුසු වූ වී තොග පැලවී ඇතැයි ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

 

2015 ආරම්භ කළ මෙම වී ගබඩාව මගින් වී මිලදී ගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, අලුත් ඉදි කළ ඒ අසන්නයේ ඇති තවත් ගබඩාවක් මෙතෙක් විවෘත කර නොමැති බවද ගොවීන් චෝදනා කරති.

 

මෙම වී තොග 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී තොග බවද මහවැලි බී කළපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ සඳහන් කළේය.

 

මෙම වී ගබඩාවට වල් අලින් හානිකර ඇති අතර, ඇතැම් පුද්ගලයන් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා ඇති බව ද ගොවීහු චෝදනා කරති.

 

මෙවර යළ කන්නයේ මහවැලි බී කලාපය විජයබාපුර කොට්ඨාසයේ ගොවීන්ගේන් වී මිලට ගැනීමට එම ගබඩා සූදානම් කරන ලෙසද අදාළ බලධාරින් තමා ඉල්ලා සිටින බව සරත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

 

මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු කර එය ප්‍රයෝජන ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියහ.

views

240 Views

Comments

arrow-up