දස හැවිරිදි දැරියව අටපාරක් කෙලෙසලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

දස හැවිරිදි දැරියව අටපාරක් කෙලෙසලා

දස හැවිරිදි දැරියව අටපාරක් කෙලෙසලා

කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලබන දස හැවිරිදි දැරියක් අවස්ථා 8කදී දූෂණය කර දැරියගේ සිරුරේ ඇතැම් කොටස් දුම්වැටිවලින් පුළුස්සා දැමූ සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය ඊයේ (22දා) අධිකරණයට දන්වා සිටියේය.

 

 

මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

 

 

දැරිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය ලබාගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. වෛද්‍ය තොරතුරු සලකා බැලූ අධිකරණය දැරිය මවගේ රැකවරණය යටතේ රෝහල් ගත කරන ලෙස නියෝග කළේය.

 

 

දූෂණයට ලක් වූ සිසුවියගේ හැසිරීමේ වෙනසක් දුටු පන්ති භාර ගුරුතුමිය දැරිය වැල්ලම්පිටිය පොලිසියට රැගෙන ගියා. ඒ අනුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට පමුණුවා ඇති අතර එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ දැරිය අවස්ථා 8කදී බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇති බවට අනාවරණය වූ බවයි.

 

 

දුම්වැටිවලින් දැරියගේ සිරුරේ යම් ප්‍රමාණයක් පිළිස්සී ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවද පොලිසිය දැනුම් දුන්නා.

 

 

දැරිය ප්‍රකාශ කළ අන්දමට කොළඹ පිහිටි පාසලක සිසුවකුගේ නමක් සඳහන් කර තිබෙන අතර, ඒ අනුව එම පාසලේ අදාළ නම සඳහන් සියලු සිසුන් පොලිසිය වෙත කැඳවා දැරියට පෙන්වා තිබෙන නමුත් දැරිය විසින් අදාළ සිසුවා හඳුනා නොගත් බවද පොලිසිය දන්වා සිටියේය.

 

 

ඒ අනුව මෙම දැරිය දූෂණය කරන ලද පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කළේය.

views

356 Views

Comments

arrow-up