ජපුර සරසවි සිසුවෙක් අබිරහස් ලෙස මරුට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එම සිසුවාගේ සිරුර මහරගම කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබේ.
නේවාසිකාගාරයේ සිටි අනෙක් සිසුන් ලණුව කපා දමා ඔහුව පරීක්ෂා කිරීමේදී මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.
මියගොස් ඇති සිසුවාගේ ඥාතීන් අදාළ මරණය සැක සහිත බව පැවසීමත් සමඟ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇති අතර මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
267 Views
Comments