දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට

ශ්‍රී ලංකාව පුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු රෝගීන් වැඩි වෙමින් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.

 

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා මහතා පවසා ඇත්තේ ආරක්‍ෂිත පියවරයන් ලෙස නිවසේ සිටියත් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවයි.

 

 

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ, එනම් උණ, කැස්ස සහ සෙම, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු බවද ඔහු පවසා තිබේ.

 

 

තවද මී උණ ලෙස පොදුවේ හඳුන්වන "ලෙප්ටොස්පයිරෝසිස්" රෝගීන් ද වැඩිවෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

 

2023 වසරේ මේ දක්වා මී උණ රෝගීන් 2,600 ක් වාර්තා වී ඇත.

 

 

මේ අතර සිකුරාදා (05) දිනයේදී ශ්‍රී ලංකාවෙන් ද කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

 

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672,207 දක්වා ඉහළ ගොස් තිබේ.

views

319 Views

Comments

arrow-up