APR
29
යකඩ පොල්ලකින් ගසා පුද්ගලයෙක් මැරූ අයෙකු 14 වසරකට සිරගෙට

පුද්ගලික ආරවුලක් හේතුවෙන් කතරගම නාගහවීදියේදී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 14 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 10,000 ක දඩයක් හා රුපියල් ලක්ෂ 02 ක වන්දියක් හම්බන්තොට මහාධිකරණය විසින් ඊයේ නියම කෙරුණි.
මෙලෙස දඬුවම් නියම වූයේ කතරගම, නාගහවීදිය පදිංචි කහදගමගේ විජේපාල නැමති 59 හැවිරිදි දෙදරු පියෙකුටයි.
354 Views
Comments