කල්ඉකුත් වූ රසකාරක තොගයක් ටෙක්නිකල් හන්දියේ ගබඩාවකින් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු තෙල් හා ආහාර කල් තබා ගැනීමට භාවිතා කරන කල් ඉකුත් වූ කෘතිම රසකාරක තොගයක් ගබඩා කර තිබූ ගබඩාවක් ඊයේ (28) පස්වරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වටලා ඇති බව වාර්තා වේ.
අවස්ථා කීපයක දී භාවිතා කරන ලද තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳුන්ට සහ සබන් නිෂ්පාදන ආයතන වලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ දී මෙම වැටලීම සිදු කර තිබේ.
ගබඩාවේ හිමිකරු මෙම ජාවාරම කලක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
එහි තිබී කේක් සෑදීමට යොදාගන්නා කෘතිම රසකාරක මෙන්ම ආහාර කල් තබා ගැනීම සඳහා යොදා ගන්නා කල්ඉකුත්වූ රසකාරක ද විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට වැටලීම් නිලධාරීන් සමත් වී ඇති බව වාර්තා වේ.
341 Views
Comments