ව්‍යවස්ථාදායක සභාවේ නොසැලකිල්ලෙන් ස්වාධීන කොමිෂන් සභා කොට උඩ

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 3 ක් සඳහා සාමාජිකයන් පත් කිරීම, පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් කල් යමින් පවතින බව වාර්තා වේ.
එසේ සාමාජිකයන් පත් කර ගැනීම නොහැකිව ඇති අනෙකුත් කොමිෂන් සභා වන්නේ මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම යන ආයතනයන්ය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසුව සියළු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිත ව තිබේ.
261 Views
Comments