පිරිසිදුව කන්න දෙන හෙළ බොජුන් හල් වලටත් මරු පහරක්

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් පරිදි, තිරිඟු පිටි වෙනුවට හාල් පිටි යොදා ගනිමින් සකස් කරන ලද ආහාර ප්‍රවර්ධනය කෙරෙන "හෙළ බොජුන්" ආහාර අලෙවිසැල් ජාලයේ නමින් ව්‍යාජ ලෙස පවත්වාගෙන යනු ලබන අවන්හල් රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
මෙම අවන්හල් වල පරණ ආහාර හා උණුසුම් නැති ආහාර ද්‍රව්‍ය අලෙවි කෙරෙන බවත්, තිරිඟු පිටිවලින් සකසන ලද ආහාරවර්ග අලෙවිය සඳහා තබා ඇති බවත් පැවසෙන අතර එම ස්ථාන කිසිසේත්ම රජයට අයත් හෙළබොජුන් අලෙවි ස්ථාන නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
එවැනි ස්ථාන පිළිබඳ තොරතුර දන්නේ නම් අදාල අංශ වෙත දැනුම් දී සිටින ලෙස ද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ජනතාවට නිවේදනය කොට සිටී.
301 Views
Comments