පාසල් සිසු දරුවන් එන්නත් කරන අතරතුර පාසලට කඩාවැදුණු තිදෙනෙකු ගුරුවරුන්ට පහරදෙයි

රත්ගම දේව පතිරාජ විදුහලට ඊයේ(28) පෙරවරුවේ කඩාවැදුණ පුද්ගලයින් තිදෙනෙකු ගුරුවරුන් දෙදෙනකුට පහරදී ඇතැයි රත්ගම පොලිසිය කියයි.
පාසලේ ළමුන්ට ඊයේ දිනයේ එන්නත් කරමින් සිටියදී එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් පුද්ගලයින් දෙදෙනකු පාසල තුළට ඇතුළුවී ඇති අතර එම අවස්ථාවේ එලෙස පැමිණියේ ඇයි දැයි ගුරුවරයෙකු විමසා තිබේ.
එම අවස්ථාවේ “හේතුව කියන්නම්” යනුවෙන් පවසා පිටතට පැමිණි දෙදෙනා පසුව තවත් පුද්ගලයෙකුද කැඳවාගෙන පාසලට ඇතුළු වී ගුරුවරුන් දෙදෙනාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
ගුරුවරුන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
672 Views
Comments