NOV
14
නීති විරෝධී ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

නීති විරෝධි රිවෝල්වරයක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයෙකු මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 45 වැනි වියෙහි පසුවන බවද පොලිසිය කියයි.
සැකකරු සහ ගිනි අවියද සමඟ මහරගම පොලිසියට භාරදි තිබෙන අතර ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
776 Views
Comments