තුර්කිය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා ඉහළ නැංවීමට සූදානමින්

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපන අංශයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව තුර්කි විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ තුර්කියේ අලන්‍යා නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
ගෝලීය ආර්ථික කේන්ද්‍රය බවට පත්වෙමින් සිටින ආසියාව සමග ඉතිහාසයේ පැවති සම්බන්ධතා යළි පණ ගැන්වීමට තුර්කිය අපේක්ෂා කරන බව ඔහු එහිදී සඳහන් කළා.
මෙරට තේ මිලදී මිල දී ගන්නා රටවල් අතුරෙන් තුර්කිය ප්‍රමුඛතාවය ගනියි.
911 Views
Comments