“අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා” - සජිත් ප්‍රේමදාස

යහපාලන ආණ්ඩුව සමයේ නිවාස අමාත්‍යංශය මගින් ලබාදුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව ඉවත්කිරීමට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මත්තල ඇත්රජගමදී පැවති හමුවකදී පැවසුවේය.
අහිංසක ජනතාවට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව අරගල කරන බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
මේ වන විට ආණ්ඩුව විසින් එම ගම්මානවල නිවාස 213ක පදිංචිකරුවන් ඉවත් කොට තමන්ගේ හිතවතුන්ට එම නිවාස සහ ඉඩම් විකිණීමට කටයුතු යොදමින් සිටින බවද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ජනතාවට හිසට සෙවණක් ලබා දීමට තමන් විසින් දියත් කරන ලද වැඩපිළිවෙලට ආණ්ඩුව කෙනෙහෙලිකම් කළද සමගි ජන බලවේගය ඉදිරි රජයක් යටතේ සියලු ජනතාවට සාධාරණය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
764 Views
Comments