අධිරුධිර පීඩනයට දිවමුසු බදු ආහාර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

අධිරුධිර පීඩනයට දිවමුසු බදු ආහාර

අධිරුධිර පීඩනයට දිවමුසු බදු ආහාර

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන කරන පරිදි අපි ලෙඩ වෙනවට වඩා රෝග වලින් ආරක්ෂාවීම නැත්නම් නිවාරණය වෙන ආකාරය ගැන දැන ගන්නවා නම් වඩාත් වටිනවා. මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව ආරක්ෂාව නිවාරණයටත් වඩා හොඳ බව වඩාත් අවධාරණයෙන්ම සඳහන් කර තියෙනවා. එනම් බ්‍රිතාන්‍ය හෘද සංගමය පරීක්ෂණ වාර්තාවක සඳහන් වන අන්දමට අධි රුධිර පීඩනයෙන් ආරක්ෂාව ලැබීමට නම් අපේ රුධිර පීඩන මට්ටම 120- 80 අතර පවත්වා ගැනීම වඩාත් හොඳයි. ඒ වගේම අපේ ආහාර රටාව මඟින් මේ තත්ත්වය හොඳින් පවත්වාගන්න පුළුවන් වෙනවා. බ්‍රිතාන්‍ය හෘද රෝග සංගමය පරීක්ෂණ විසින් අධි රුධිර පීඩනය වලක්වා ගැනීමට ගැලපෙන ආහාර වර්ග කිහිපයක් හඳුන්වාදී තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආහාර වැඩියෙන් ගැනීමේ අවශ්‍යතාවයත් ඔවුන් පෙන්වා දෙනවා.

ඕට්ස්

ඕට්ස් අධි රුධිර පීඩනයට ඉතාම ආරක්ෂිත බව පරීක්ෂකයන් විසින් පෙන්වා දෙනවා. ඕට්ස් ගැන මේ තරම් වැඩි වටිනාකමක් ලබා දෙන්නේ ඕට්ස් වල තන්තු බහුලයි. මේදය අඩුයි. සෝඩියම් හොඳින් ලබාගන් ගන්න පුළුවන් නිසයි.

කෙසෙල්

 


අපට ඉතා හුරු පුරුදු වගේම පලතුරක්. දිනකට කෙසෙල් ගෙඩි දෙකක් පමණ ආහාරයට ගැනීමෙන් සී විටමින් සිරුරට ලැබෙනවා. ඒ වගේම තන්තු බහුලයි. මැග්නීසියම් ඉහළයි. මේ නිසා අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

අර්තාපල්

අර්තාපල් ගැන නම් අපට එතරම් සුබවාදී අදහසක් නැහැ. ඊට හේතු වගාකිරීමේදී යොදාගන්න රසායනික පොහොර සහ වෙනත් වස විස නිසා ඒ වටිනාකම අපට ලබාගන්න බැහැ. ඒ වුණත් කාබනික අර්තාපල් මගින් හොඳ පොටෑසියම් ප්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඩාක්‍ චොක්ලට්

කවුරුත් චොක්ලට් කන්න අකමැති නැහැ. ඒ වුණත් චොක්ලට් රුධිර පීඩනය වළක්වාගන්නේ කොහොමද? ඩාක් හෙවත් තද දුඹුරු චොක්ලට් ආහාරයට ගැනීම නිසා හෘද වාහිනී හා රුධිර වාහිනී තත්ත්ව යහපත් පරිදි පවත්වා ගැනීමට පුළුවන් බව පරීක්ෂණ අනාවරණය කරගෙන තියෙනවා.

බෙරි

බෙරි කුලයට අයිති පළතුරු වර්ග ගනනාවක් තියෙනවා . බ්ලූ බෙරි, බ්ලැක් බෙරි, ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම ශුද්‍ර පෝෂක ලබා ගැනීමේ හැකියාව ඉතාම ඉහළින් ලැබෙනවා. කොහොමත් මේ වගේ පලතුරු කන්න අකමැති අය හරිම අඩුයි.

එහෙනම් ඉතින් ඉහත දැක්වෙන ආහාර රටාව ඔබේ ජීවිතයට එකතු කරගත් විට ඉතාම පහසුවෙන් අධි රුධිර පීඩනයෙන් නිදහස් වෙන්න ඔබටත් අවස්ථාව ලැබෙනවා. මේවා නිතර ආහාරයට ගන්න.

 

 

 

 

 

by Dilki Shamani

Photo source: Internet

views

864 Views

Comments

arrow-up