උතුම් මාතෘත්වයට සූදානම් වන කාන්තා ඔබට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

උතුම් මාතෘත්වයට සූදානම් වන කාන්තා ඔබට

උතුම් මාතෘත්වයට සූදානම් වන කාන්තා ඔබට

ඔබ මවක් වීමට සිහින දකින කෙනෙක් නම් ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම ඉතාමත් වැදගත්. ඔබ තරුණ වුනත් නීරෝගී යැයි සිතුවත් යම් අසනීපයක් තියෙන්නට පුළුවනි. එය ගර්භනී අවධියේදී බලපෑමට පුළුවනි. එම නිසාවෙන් තමාට තිබෙන සුළු අසනීප තත්වයක් වුවද ගර්භනී වීමට පෙර හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වූ දා පටන් ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් එකක පෙත්තක් ගැනීම වැදගත්. දියවැඩියා රෝගී කාන්තාවක් නම් mg පහක් දවසට ගත යුතුයි. එය ගර්භනීය වීමට මාස තුනක පටන් ගැනීම ඉතාම සුදුසුයි. ගර්භණි වීමට පෙර තමන් කුමන හෝ බෝ නොවන රෝගයකට ඖෂධ ගන්නේ නම් ගර්භණී බව අපේක්ෂා කරන බව එම සායනයට පවසන්න.

විශේෂයෙන් දියවැඩියා රෝගයට බෙහෙත් ගන්නා කාන්තාවක් ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. ඒ ගර්භනී වීමට පෙර එම ගන්නා ඖෂධ බොහෝ විට කළ යුතු නිසාවෙනි. තවද උපතින්ම හෘද රෝගයකින් පෙළෙන කාන්තාවක් ගැබ් ගැනීමට පෙර එම සායනයෙන්ද උපදෙස් ගත යුතුයි. රෑමැටික් උණ වැනි හෘද ගැටළු තිබෙන විටත් ගැබ් ගැනීම නුසුදුසු වෙන අවස්ථා තිබේ. කාන්තාවක් හදවත් රෝගයකින් පෙළෙන විට ගැබ් ගතහොත් 50% ක් අවදානම වැඩියි. තවද පවුලේ ජානගත රෝග තිබේනම් ඥාති විවාහයකට කැමති නොවිය යුතුයි. ජාන විකෘති දරුවන් සිටීනම් තමන්ටත් ඒ ගැටලු ඇතිවිය හැකියි. ගර්භණී බව බලාපොරොත්තු වූ කාන්තාවකට මාසික ඔසප්වීම සිදු වූයේ නැත්නම් මුත්‍ර පරීක්ෂණ පටියක් මාර්ගයෙන් පරීක්ෂාකර ගත හැකියි. මුත්‍රවල ගැල් වූ පසු රතු පාට ඉරි දෙකක් තිබේ නම් එය ගැබ් ගැනීමකි. එයට තනි ඉරක් පෙනේ නම් ගැබ් ගැනීමක් නැත.

මවට ප්‍රසූතියට ආසන්න කාලයේ වෝටර් බෑගය කැඩී ඇතැයි හැඟේ නම් පමා නොකර රෝහල්ගත වන්න. එවිට වහාම උපකරණයක් මගින් ගර්භ තරලය පහ වෙනවාද යන්න වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලබයි. මෙසේ ගර්භා තරලය පහ වීම මුලදීම හඳුනාගතහොත් ප්‍රතිකාර කිරීම පහසුයි. එහිදී ක්ෂුද්‍රජීවී පරීක්ෂණ සාම්පලයක් පවා ගනියි. එවිට දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

දරුවා කුස තුළ දැඟලීම මවට දැනෙන්නේ ගැබට සති විස්සකින් පසුවයි. සති දහඅටක් විස්සක් වන විට සමහරුන්ට දැනේ. මෙම දැඟලීම බවට විවිධ ලෙසට දැනේ. දැඟලීම සටහන් කර තැබීම වැදගත්. කුස තුළ දැඟලීම රටාවේ වෙනසක් පෙනේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතු අතර සති 20 කින් පසුව දැඟලීම පැය දෙකක් තුනක් ප්‍රමාද වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගත යුතුයි. ගර්භනී නියමිත කාලය සති 40 කි. බොහෝවිට සති තිස් හතක් තිස් අටක් යන විට දරුවන් බිහිවේ. සති 38 ට අඩුනම් එය මද අඩු කාලය ලෙස සලකයි. මෙසේ සිදුවීමට හේතු කීපයකි. සමහර මවුවරුන් අඩු මාසෙන් උපත ලද කාන්තාවන් වීම, ගැබ්ගෙලේ සැත්කමක් කර තිබීම, ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් එකක් සහිතව දරුවා සිටීම, ගර්භාශයේ සංකූලතා, නිවුන් හෝ තුන් නිවුන් දරුවන් ගැබ් ගෙන සිටීම යනාදිය එම හේතු කිහිපයකි. සාමාන්‍යයෙන් අවදානම් සහිත මව්වරුන් සිටින්නේ සුළු ප්‍රමාණයකි. බහුතරයක් අවදානම් නැත. සාමාන්‍ය ප්‍රසූතියෙන් ප්‍රසූතියට සූදානම් කළ හැකියි.

අද වෛද්‍ය විද්‍යාව බෙහෙවින් දියුණු තත්වයකට පත් වී තිබේ. මේ නිසා ගැබ් ගැනීමට දරු ගැබ ආරක්ෂා කර ගැනීමට බිය විය යුතු නැත. දරු ඵල පමා වුවහොත් ඊට ද ප්‍රතිකාර තිබේ. ගැබ් ගත් පසු එය රැක ගැනීමටත් ප්‍රතිකාර තිබේ. මෙම කරුණු නිසි අයුරින් පිළිපැදීමෙන් නිරෝගී දරු උපතකට අවස්ථාව උදාවෙනු ඇත.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

 

views

650 Views

Comments

arrow-up